වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයට වසර 90ක් පිරීම නිමිත්තෙන් අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයක් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා ගුරු දෙගුරු සංගමය සංවිධාන කර තිබේ.
‘‘GRANITE Jubilee FIESTA ‘‘ලෙස අධ්‍යපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය නම් කර තිබෙන අතර ප්‍රදර්ශනය හෙට (24) විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව විදුහල්පති ප්‍රියංජීව ගුණරත්න පියතුමා පැවසීය. කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමා එසේ ප්‍රකාශ කළේය. 2023 වසරේ සැප්තැම්බර් 8 වැනිදා 90 වැනි ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත් කළ බවත් එදින සිට මේ දක්වා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර 24 වැනිදා සිට දින 3ක් වෙළෙඳ හා අධ්‍යාපන ප්‍රදර්ශනයක් ද විදුහල කේන්ද්‍ර කරගනිමින් සංවිධාන කර තිබෙන බවත් ප්‍රියංජීව ගුණරත්න පියතුමා පැවසීය.
හෙට (24) මහනුවර රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේව මෙහෙයෙන් පසු දර්ශනීය විදුලි ආලෝක සංදර්ශනයක්ද, සංගීත සංදර්ශනයක් ද පැවැත්වේ.
25 වැනි දින විද්‍යාලයේ දිව්‍ය පූජාව හලාවත අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සංස්කෘතික සංදර්ශනයක් ද, අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ද විද්‍යාල භූමියේ දී පැවැත්වේ. පාසල් දරුවන්ට මේ අධ්‍යාපනික ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බවද සංවිධායක මණ්ඩලය පවසයි. මීට සමගාමීව විද්‍යාලයේ සිට රථ වාහන පෙළපාළියක්ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ප්‍රාථමික අංශයේ විදුහල්පති අමල් ප්‍රසන්න පියතුමා, විද්‍යාලයීය ආචාර්ය සේනක කරුණාතිලක, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති සුරාජ් සතුරුසිංහ, පාසල් සංවර්ධන සමිතියේ ලේකම්, වෛද්‍ය සනත් ප්‍රනාන්දු, ප්‍රධාන ශිෂ්‍ය නායක අකිල ෂෙහාන් මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
නුවන් කොඩිකාර