Sunday, April 20, 2025
Home » ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට කෘත්‍රිම බුද්ධියෙන් තරුණියක්

ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට කෘත්‍රිම බුද්ධියෙන් තරුණියක්

by sachintha
October 23, 2024 1:47 am 0 comment

ජර්මනියේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සංචාරක ප්‍රවර්ධන නිලධාරිනියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘එමා’ නමින් හඳුන්වනු ලබන කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ රූමත් තරුණිය ඉදිරියේදී ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. ‘එමා’ හඳුන්වා දෙමින් එරට සංචාරක මණ්ඩලය ඩිජිටල් මුහුණුවරකින් යුතුව ජර්මානු සංචාරක ව්‍යාපාරය සමාජ මාධ්‍ය ජාලයේ වඩාත් පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආකර්ශණීය රුවකින් යුතු ලා දුඹුරු පැහැති හිසකේ ඇති ප්‍රසන්නශීලි ආකාරයෙන් නිර්මාණය කළ ‘එමා’ ලොව පුරා සංචාරකයන්ට ජර්මනියේ සංචාරය කිරීමට අවශ්‍ය සියලුම ආකාරයේ තොරතුරු බෙදා දීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT