Home » උහන ධම්මික නාහිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති

උහන ධම්මික නාහිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති

by sachintha
October 23, 2024 1:00 am 0 comment

අමරපුර මහා නිකායේ මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව මඟින් උහන ධම්මික නාහිමියන්ට, ශ්‍රී ධම්මරංසි ධම්මාරාමාභිවංශ ශාස්ත්‍ර කීර්ති ශ්‍රී සංඝ සෝභන යන ගෞරව නාම සම්මුතිය සහිතව අම්පාර, මඩකලපුව දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනමා ඇත. දමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මෙන්ම උඩරට මහා නිකායේ ප්‍රාදේශිය සංඝ සභාවල විවිධ නිලතල හෙඹවූ ධම්මික නාහිමියෝ රජයේ පාසල් විදුහල්පතිවරයකු ලෙසත් ජාතික මෙහෙවරක නියැළෙන අතර උන්වහන්සේ අමුපිටියේ ධම්මරංසි නායක ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් යුතුව වර්ෂ, 1974 ඔක්තෝබර් 8දා පැවිදි දිවියට ඇතුළත්ව, 1987 ජුනි 29දා විදුරුපොල ශ්‍රී සුමංගලාරාම මහා විහාරස්ථ උපෝසථාගාරයේදී උපසම්පදාව ලදහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT