නැඟෙනහිර පළාතේ ඒඩ්ස් රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් නැඟෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ වැඩසටහන් රාශියක් දැනට ක්‍රියාත්මක කරගෙන යයි. නැඟෙනහිර පළාත් නව ආණ්ඩුකාර මහාචාර්ය ජයඳලාල් රත්නසේකර මහතාගේ අධීක්ෂණයෙන් මෙම ඒඩ්ස් රෝගය වළක්වා ගැනීමේ වැඩසටහන් දැනට සාර්ථකව පවත්වාගෙන යයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනයකට අනුව දැනට මෙම පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 25 දෙනකු, මඩකලපුව දිස්ත්‍රික්කයේ 16 දෙනකු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 26 දෙනකු ඇතුළු 67 දෙනකු මෙම රෝගයට ලක් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාව සඳහන් කරයි. මේ අනුව මෙම පළාතේ ප්‍රදේශවල තිබෙන ඒඩ්ස් රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ එයට අනෙකුත් දෙපාර්තමේන්තු සම්බන්ධ කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ සමුළුවක්, ඉකුත්දා මඩකලපුව කලාපීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. නැඟෙනහිර පළාත් අධ්‍යක්ෂ දොස්තර එල්. කොස්තා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම සමුළුවට නැඟෙනහිර පළාත් නව ආණ්ඩුකාර ආචාර්ය ජයඳලාල් රත්නසේකර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
මඩකලපුව සංචාරක – පී.ටී.ඒ. ලතීෆ්