Home » නිවෙස් හිමියා ඝාතනය කර ගෑස් ලිප ඇතුළු භාණ්ඩ සොරකම් කරයි

නිවෙස් හිමියා ඝාතනය කර ගෑස් ලිප ඇතුළු භාණ්ඩ සොරකම් කරයි

by yasara
October 22, 2024 1:21 pm 0 comment

නිවසක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු නිවෙස් හිමියා ඝාතනය කර මළසිරුර කෙසෙල් පදුරක් අස්සේ සගවා නිවසේ රූපවාහිනී යන්ත්‍රය , ගෑස් සිලින්ඩරය සහ ගෑස් ලිප සොරකම් කර පලාගොස්  ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර මිනුවන්පිටිය, ගජබා මාවතේ පදිංචිව සිටී ජුවන්දර කංකානම්ගේ  දෝන ඩීමන් ජයරත්න නමැති 77 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයා පෞද්ගලික ආයතනයක සේවය කර  බිරිඳ සමග  විවේකීව නිවසේ රැදී සිට ඇති අතර  බිරිඳ ඊයේ (21)  නිවස අසල රැකියාවට ගොස් නැවත පැමිණීමේදී සැමියා නිවසේ නොමැති බව දැන පානදුර දකුණ පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසිය විසින් ඊයේ (21) නිවස පරීක්ෂා කර ඇති අතර , ඊයේ දිනද පොලිස් නිළධාරීන් පරීක්ෂා කිරීමේදී ගෙවත්තේ කෙසෙල් පදුරක් අස්සේ සගවා තිබූ මළසිරුර හමුවූ බව පොලිසිය කීය.

පානදුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT