Home » විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

by chanaka
October 22, 2024 10:57 am 0 comment

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් දින තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය කරන අතර ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ලේකම්වරයා පැවසීය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 41,285 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT