Tuesday, April 8, 2025
Home » වන ලැහැබක ගජරාමේට ගිය කසිප්පු ජාවාරමක් කොටුවෙයි

වන ලැහැබක ගජරාමේට ගිය කසිප්පු ජාවාරමක් කොටුවෙයි

by yasara
October 22, 2024 10:29 am 0 comment

කළුතර සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (21)  සිදු කළ විශේෂ මෙහෙයුමකදී කෝපියාවත්ත ,ගෝනපොල ,මොරොන්තුඩුව හා පොහොද්දරමුල්ල යන ප්‍රදේශවල වන ලැහැබ් ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහා පරිමාණයේ කසිප්පු ස්කාගාර 04 ක් වටලා සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙහිදි කසිප්පු ස්ප්‍රීතු බෝතල් 80 ක් ,ගෝඩා මිලි ලීටර් 37 දාහක් සහ පෙරුම් උපකරණ ද සුරාබදු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ .

අත් අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT