Home » කුඩාවැල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගිනිගෙන විනාශයි

කුඩාවැල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගිනිගෙන විනාශයි

by sachintha
October 22, 2024 1:02 am 0 comment

කුඩාවැල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අඩි 40ක බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (22) උදේ 7.30ට පමණ හටගත් ගින්නකින් දැවී විනාශ වී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. ගිනිගත් බහුදින ධීවර යාත්‍රාව අසල නවතා තිබූ කුඩා ධීවර යාත්‍රාවකට ද ගින්න පැතිරී හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම ගිනි ගැනීම ගෑස් කාන්දුවක් නිසා සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ගින්න හටගෙන ඇති තුෂාණි නමැති බහුදින ධීවර යාත්‍රාව නාකුලුගමුව දකුණු කුඩාවැල්ලේ පදිංචි සමිත් තුසන්ත ජයවීර නමැති අයට අයත් එකකි. ගිනිගත් කුඩා ධීවර යාත්‍රාව නාකුලුගමුව දකුණු කුඩාවැල්ලේ පදිංචි එල්.වයි.ටී. ප්‍රියන්ති නමැති කාන්තාවට අයත් බව පොලිසිය පැවසීය. තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථය කුඩාවැල්ල ධීවර වරායට ගොස් ගින්න මැඬ පවත්වා ඇතැයි පොලිසිය පැවසීය. ගින්න හටගත් පසු ධීවරයින් එක්වී අනෙකුත් ධීවර යාත්‍රාවලට ගින්න පැතිර යාමට ඉඩනොදී බේරා ගැනීමට කටයුතු කර තිබේ. තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තංගල්ල – බන්දුල පද්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT