Monday, April 21, 2025
Home » ජර්මනියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට පහරදීමට සැලසුම් කළ ලිබියානු ජාතිකයෙක් අත්අඩංගුවට

ජර්මනියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට පහරදීමට සැලසුම් කළ ලිබියානු ජාතිකයෙක් අත්අඩංගුවට

by sachintha
October 22, 2024 1:49 am 0 comment

ජර්මනියේ බර්ලින් අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් බවට සැක කෙරෙන ලිබියානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. බර්ලින් නුවරට ඔබ්බෙන් පිහිටි බර්නාවු පළාතේදී ඔහු අත්අඩංගුවට ගත් බව ජර්මානු පොලිසිය සඳහන් කර ඇති අතර, ඔහුගේ නිවෙසේ සිදු කළ සෝදිසි මෙහෙයුමක්ද සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ඔමාර් නමින් හඳුන්වනු ලබන 28 හැවිරිදි තරුණයකු බවත්, ඔහු අයිඑස් සාමාජිකයකු සමඟ පණිවුඩ හුවමාරු කරගත් බව අනාවරණය වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT