Home » ගම්පහ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන යටතේ ජල සැපයුම

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන යටතේ ජල සැපයුම

by yasara
October 22, 2024 10:06 am 0 comment

ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවයි වාර්තා වෙයි

වත්තල, මා බෝල, ජා ඇල, කටුනායක – සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT