Monday, April 21, 2025
Home » නවසීලන්තයට ඉන්දියාවේදී වසර 36කට පසු ටෙස්ට් ජයක්

නවසීලන්තයට ඉන්දියාවේදී වසර 36කට පසු ටෙස්ට් ජයක්

by sachintha
October 21, 2024 1:26 am 0 comment

ඉන්දීය කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මෙය ඉතිහාසයට එක් වූයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් වසර 36කට පසු ඉන්දීය භූමියේදී වාර්තා කළ ටෙස්ට් ජය ලෙසිනි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පළමු ඉනිම ලකුණු 46කට සීමා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 402ක් රැස් කළහ. ලකුණු 356ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය පිල ලකුණු 462ක් රැස් කළ ද නවසීලන්තයට ලබාදිය හැකි වූයේ ලකුණු 107ක ඉලක්කයක් පමණි. එම ඉලක්කය කඩුලු 2ක් දැවී තිබියදී සපුරා ගැනීමට නවසීලන්තයට හැකිවිය.

1988 වසරේ නොවැම්බර් මස වන්කඩේ ක්‍රීඩාංගණයේදී නවසීලන්තය අවසන් වරට ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන තිබූ නවසීලන්ත ක්‍රිකට් පිල ඉන්දියාවේදී වාර්තා කළ තෙවැනි ටෙස්ට් ජය වූ අතර, ඔවුන් 1969 වසරේදී එරටදී පළමු ටෙස්ට් ජය වාර්තා කළේය.

ඉන්දීය දෙවැනි ඉනිමේදී සර්ෆරාස් ඛාන් රැස් කළ ලකුණු 150ට අමතරව රිෂාබ් පාන්ට් (99), විරාත් කෝලි (70) සහ රෝහිත් ෂර්මා (52) අර්ධ ශතක රැස් කළ ද අවසන් කඩුලු 7 ලකුණු 54ක් තුළ බිඳ වැටීමෙන් නවසීලන්තයට විශාල ඉලක්කයක් ලබා දීමට නොහැකි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT