Home » මුතියංගණ රාජ මහා විහාරයේ නව සංඝාවාසය අස්ගිරි මහ නාහිමි අතින් විවෘත වෙයි

මුතියංගණ රාජ මහා විහාරයේ නව සංඝාවාසය අස්ගිරි මහ නාහිමි අතින් විවෘත වෙයි

by sachintha
October 21, 2024 1:19 am 0 comment

බදුල්ල ඓතිහාසික මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව සංඝාවාසය මුතියංගණ රාජ මහා විහාරස්ථානාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතන හිමිපාණන් අතින් නොබෝදා විවෘත විය.

ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ භාරකාරධුරයට පත්වී වසර විස්සක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම සංඝාවාස ගොඩනැඟිල්ල ඉදිකර තිබේ. මෙම ගොඩනැඟිල්ලේ වටිනාමකම රුපියල් කෝටි හයහමාරක් වන අතර එය ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදී ඇත්තේ නාවික හමුදාව විසිනි.

උභය මහා සංඝරත්නය, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මැතිතුමා ප්‍රමුඛ දියවඩන නිලමේවරු විහාරස්ථ දායක සභාව ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.

මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ දී ශ්‍රමදායකත්වය ලබාදුන් නාවික හමුදාවට සහ විවිධ සහාය දුන් අයට උපහාර සමරු තිළිණ ප්‍රදානය ද මහ නාහිමියන් අතින් සිදු විය.

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT