ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ අරමුණින් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි දහම් පාසල් දරුවන්ගේ සහජ දක්ෂතා ඔප් නැංවීමේ කලා සංස්කෘතික වැඩසටහනක් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. යටියන්තොට ප්‍රාදේශීය ලේකම් අනෝමා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී තරගවලින් විවිධ දක්ෂතා දැක්වූ දරුවන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය ද, ප්‍රාදේශීය ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දහම් පාසල් ගුරුවරු හා දරු දැරියෝ ද සහභාගි වී සිටියහ. යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩසටහන සංවිධානය කර තිබූ අතර ජාතික සමඟිය හා ප්‍රතිසංවිධානය කාර්යාලය වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වා තිබිණි.
බුලත්කොහුපිටිය සමූහ ඩබ්. රෝහණ