Monday, April 21, 2025
Home » අනවසර සංක්‍රමණිකයෝ විසිදෙදහසක් සවුදි අරාබියේදී අත්අඩංගුවට

අනවසර සංක්‍රමණිකයෝ විසිදෙදහසක් සවුදි අරාබියේදී අත්අඩංගුවට

by sachintha
October 21, 2024 1:54 am 0 comment

දේශසීමා ආරක්ෂක නීති හා නේවාසික, කම්කරු නීති උල්ලංඝනය කළ නීති විරෝධී සංක්‍රමණියක් 22,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව සවුදි අරාබියේ ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 10 වැනිදා සිට 16 වැනිදා දක්වා රට පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී එම පිරිස අත්අඩංගුවට පත් වූ බව සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නීති විරෝධී සංක්‍රමණිකයන් 21,971 දෙනකු අතරින් සවුදි අරාබියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයන් 13,186 දෙනකු අත්අඩංගුවට පත් වී ඇති අතර, නේවාසික වීසා බලපත් නීතිය උල්ලංඝනය කළ 5,427 දෙනකු ද අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මීට අමතරව කම්කරු නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාවට තවත් පුද්ගලයන් 3,358 දෙනකු අත්අඩංගුවට ගත් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ. ඉන් වැඩි පිරිසක් යේමන හා ඉතියෝපියානු ජාතිකයන් වන බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT