කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවිසලක තොග ගබඩාවේ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් ඊයේ (18) දින අලුයම අත්අඩංගුවට ගත් බව ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය පවසයි.
මෙම දුම්වැටි අලෙවිය සඳහා ගෙනැවිත් තබාගෙන සිටි 59 හැවිරිදි චීන ජාතිකයකුද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ දුම්වැටි තොගය ප්‍රධාන සුරාබදු කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.ඩී.එන්. ජයවීර, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජයන්ත සිල්වා, සුරාබදු අධිකාරි පී.එන්. හේමන්ත යන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති නන්දන පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සුරාබොදු පරීක්ෂක එම්.එම්. මහවත්ත, සුරාබදු කෝප්‍රල් 828 හර්ෂ, සුරාබදු නියාමක 1151 මල්ලව යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.