මෙවර මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දමිළ මන්ත්‍රීවරුන් හයදෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඇති අවස්ථාව ස්වාධීන කණ්ඩායම් ගණනාවක් ඉදිරිපත් කරමින් අවහිර කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
ජීවන් තොණ්ඩමන් මහතා ඒ බව කියා සිටියේ පෙරේදා (17) තලවකැලේ හොලිරුඩ් වත්තේ පැවති මැතිවරණ ප්රචාරක රැස්වීමකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ, තමන් පැවති රජයේ කැබිනට් ඇමැතිවරයකු ලෙස කටයුතු කළ නිසා එම බලතල උපයෝගි කරගෙන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට අවස්ථාව ලැබුණු බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වතුකරයේ තරුණ තරුණියන් කොළඹ ප්‍රදේශයේ නිවාසවල රැකියාවල නිරතව සිටින බවට ප්‍රකාශයක් කළ බවත් ඉන් අනතුරුව වතුකරයේ ජනතාව පිළිබඳ මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් කර නෑ. වතුකරයේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවත් වතුකරයේ බොහෝ තරුණ තරුණියන් උපාධිධාරින් බවට පත් වී සිටින බවත් ජනාධිපතිවරයා දන්නේ නෑ.
වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නම් වෘත්තිය සමිති මට්ටමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරන දමිළ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට වැඩි ප්‍රමාණයක් යැවීමට කටයුතු කරන ලෙස ජීවන් තොණ්ඩමන් මහතා වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.