පවුල් දේශපාලනය කියන කතාව ජාතික ජන බලවේගය කියන පක්ෂයට අදාළ නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි.
තමන් සහ තම පියා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස කටයුතු කළත් එය පවුල් දේශපාලනයට එරෙහිව තම කඳවුර ගොඩනැඟූ මතවාදයට එරෙහි නැතැයි ද හෙතම කියා සිටියේය.
මම සහ මගේ පියා මෙවර ජාතික ජන බලවේගයෙන් තරග කරන කතාව ඇත්ත බව කී ඒ මහතා ඒ තීන්දුව ගන්තේ පක්ෂය විසින් බව යැයි ද කීවේය.
මගේ පියාට ලේකම් තනතුර දුන්නෙත් පක්ෂය. සාධනීය ලෙස වැඩ කරනවාද නැද්ද කියලා තීරණය කරන්නෙත් පක්ෂය විසින් තමයි. ඒක අනෙක් පක්ෂවල ලේකම් තනතුර වගේ එකක් නෙමෙයි. මටත් පක්ෂය තමයි කියන්නේ දේශපාලනයට එන්න කැමති නම් මේ ක්ෂේත්‍ර හරහා අපට දායකත්වයක් දෙන්න කියලා. එතකොට පක්ෂය තුළ බැඳියාවන් අතර ගැටුමක් නෑ. පවුල් දේශපාලනය කියන කතාව අප දෙන්නට අදාළ නෑ. ජනතාව ඒක තේරුම් ගනියි. තාත්තගේ පුතාවීම නිසා හෝ පුතාගේ තාත්තවීම නිසා අපේ දේශපාලන අයිතිය අහිමි කරන්න පක්ෂෙ තීන්දු කරලා නැහැ යැයි ද හෙතෙම පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ‘දිනමිණ’ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමිනි.