Monday, April 21, 2025
Home » නැඟෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමි­ස­මට නව නිල­ධා­රීහු 5ක්

නැඟෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමි­ස­මට නව නිල­ධා­රීහු 5ක්

by damith
October 19, 2024 1:03 am 0 comment

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ - එ.ටී.එම්. ගුණා­නන්ද අම­ර­ජීව
නැඟෙ­න­හිර රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට පත් වූ නිල­ධා­රීහු ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා සමඟ

නැඟෙ­න­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට පත් කළ නව නිල­ධා­රීහු පස් දෙනකු සඳහා ඊයේ (18) නැඟෙ­න­හිර ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා අතින් ත්‍රිකු­ණා­ම­ලයේ පිහිටි ආණ්ඩු­කාර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පත්වීම් ලිපි පිළි­ග­න්වනු ලැබීය.

මේ අනුව එම කොමි­සමේ සභා­පති ලෙස හිටපු දිසා­ප­ති­ව­ර­යකු වන බී.එච්.එන්. ජය­වි­ක්‍රම මහතා මෙහිදී මුල්ම පත්වීම ගත්තේය. කොමි­සමේ සෙසු සාමා­ජි­ක­යන් ලෙස විශ්‍රා­මික අති­රේක දිසා­පති කේ. අරු­න්දව රාජා, හිටපු ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යකු වන ජී.එල්. ආරි­ය­දාස, විශ්‍රා­මික පාඨ­ශා­ලා­චාර්ය එස්. හමීඩ් රෆ­යි­ඩීන්, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ හිටපු සම්බ­න්ධී­ක­රණ ලේකම් එස්. මොහො­මඩ් ඉක්‍රිම් යන මහ­ත්වරු මෙහිදී ආණ්ඩු­කාර අතින් පත්වීම් ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT