Tuesday, April 22, 2025
Home » හමාස් නායක සින්වාර් ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් මරුට

හමාස් නායක සින්වාර් ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් මරුට

ඔක්තෝ­බර් ප්‍රහා­රයේ මහ­මො­ළ­කරු බව නෙත­න්යාහු කියයි

by damith
October 19, 2024 1:20 am 0 comment

හමාස් සංවි­ධා­නයේ නව නාය­කයා ලෙස කට­යුතු කළ යහ්හා සින්වාර් ඊශ්‍රා­යල ආර­ක්ෂක හමු­දාව දකුණු ගාසා තීරයේ සිදු­කළ ජංගම සෝදිසි මෙහෙ­යු­ම­කින් ඝාත­නය කළ බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කර ඇතැයි ද, හමාස් සංවි­ධා­නය එම පුවත තහ­වුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මස 7 වැනිදා හමාස් සංවි­ධා­නයේ ඊශ්‍රා­යල ආක්‍ර­ම­ණයේ මහ­මො­ළ­කරු ලෙස හඳු­න්වනු ලබන 61 හැවි­රිදි සින්වාර් ඝාත­න­යට ලක්වීම අහඹු සිදු­වී­මක් බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

සන්නද්ධ අංශයේ නාය­කයා ලෙස කට­යුතු කළ බව කියන යහ්යා සින්වාර් හමාස් සංවි­ධා­නයේ නව නාය­කයා ලෙස පත්වී ඇත්තේ එහි නාය­කයා ලෙස කට­යුතු කළ දේශ­පා­ලන අංශයේ නායක ඉස්මා­යිල් හනියේ පසු­ගිය ජූලි මාසයේ ඉරා­න­යේදී ඝාත­න­යට ලක්වී­මෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඔක්තෝ­බර් ප්‍රහා­ර­යෙන් පසු අතු­රු­දන් වූ යහ්යා සින්වාර් සොයා ඊශ්‍රා­යල හමු­දාව වස­ර­කට වැඩි කාල­යක් පුරා දැවැන්ත මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර තිබූ අතර, ගාසා තීරයේ උමං මාර්ග­වල සහ බංක­ර්වල සැඟ­වුණු ජීවි­ත­යක් ගත කළ හමාස් නාය­කයා ආර­ක්ෂ­ක­යන් රැසක් පිරි­වරා සිටි බව ද වාර්තා වේ.

මේ අතර ඔක්තෝ­බර් ප්‍රහා­රයේ මහ­මො­ළ­කරු යහ්යා සින්වාර් ඝාත­නය කිරී­මෙන් ගාසා තීරයේ යුද්ධය අව­සන් නොවන බවත්, උපා­ය­මා­ර්ගික සැල­සු­ම්ව­ලට අනුව ගාසා තීරයේ ආක්‍ර­ම­ණය නව අදි­ය­ර­ය­කින් යුතුව සිදු කරන බවත් ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT