Monday, April 21, 2025
Home » ඊළඟ අලි බිල්ලට පෙර

ඊළඟ අලි බිල්ලට පෙර

by damith
October 19, 2024 1:00 am 0 comment

ජෛව විවි­ධ­ත්වය වූ කලී දේශයේ ජීව­මාන උරු­මයේ කොට­සකි. රටක වටි­නා­කම මැනීම සඳහා වන නිර්ණා­යක අතරේ කැපී පෙනෙන ගති­ක­යක් ලෙස ජෛව උරු­මය හඳුනා ගත හැක්කේය. තව­මත් අප වටි­නා­කම සහ අගය වට­හා­ගෙන නැත. ඒක පුද්ගල ආදා­යම, දළ දේශීය නිෂ්පා­ද­නය වැනි ආර්ථික වැයි­ක්කියේ සරණ පතා සිටින පිරිස රටේ වටි­නා­කම සඳහා මෙවන් උරු­ම­යන් බැර කරන්නේ නැත. ශ්‍රී ලංකාව විෂ­ය­යෙහි මේ සඳහා ඇති අනගි සම්ප­තක් වන්නේ අලි වංශ­යය. දේශ­පා­ලන වශ­යෙන් දැන් අලියා වඳ වී ගොස් ඇත්තේය. අලි වංශ­යෙන් ජීව­ත්වන මිනිස් වර්ගයා ද වඳ වෙමින් පව­තින සත්ත්ව කොට්ඨා­ස­යක් බවට පත්ව ඇත්තේය. ඒ අත­රට සැබෑ අලියා ද එක් වී ඇත්තේය. අන් දෙක නම්, කම් නැත කියා අල්ලා දැමිය හැකිය. සැබෑ අලියා වෙත අත්වී ඇති ඉර­ණම සඳහා ඒ ආකා­ර­යට පැත්ත­කට වී බලා සිටිය නොහැ­කිය.

මින්නේ­රිය සහ හිඟු­ර­ක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේ­ශ­ය­කදී ඊයේ අලු­යම 3.30ට පමණ අන­තු­රක් සිදු විය. පාන්දර ජාමයේ මේ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නේ ඉන්ධන ප්‍රවා­හ­නය කරන දුම්රි­යන්ය. ඒවා වේග සීමා තකන්නේ නැත. ජීවිත ගැන නොසිතා එහෙම හැසි­රීමේ ඵලය ඊයේ පාන්දර නිකුත් විය. අන­තු­රෙන් අලි දෙදෙ­නෙක් මියැදී තිබේ. රංචු­වක් මෙම අන­තු­රට භාජ­නය වී ඇත්තේ බැවින් තවත් ගණ­නා­වක් තුවාල ලබා ඇත්තේය.

2012 වසරේ සිට 2018 වසර තෙක් දුම්රියේ ගැටී මර­ණ­යට පත්ව ඇති වන අලි සංඛ්‍යාව 71 දෙනෙකි. දැනට සොයා ගත හැක්කේ එම සංඛ්‍යා­ලේ­ඛන පම­ණය. මෑත සිද්ධි­යක් ද මේ සඳහා එක් කර ගත හැකිය. 2023 වසරේ සැප්තැ­ම්බර් මාසයේ මේ ආකා­රයේ ඛේද­වා­ච­ක­යක් අප අත් වින්දේය. ගල්ග­මුව හා පලු­ග­ස්වැව යන ප්‍රදේ­ශ­ව­ලදී වන අලි රංචු දෙකක් දුම්රි­යන් හා ගැටී­මෙන් අලි හය­දෙ­නෙකු දේශ­යට අහි­මිව ගියේය.

එම අන­තු­රෙන් මිය ගිය වන අලින් සිවු දෙනා­ගෙන් තිදෙ­නෙ­කුම වයස අවු­රුදු 10ට අඩු සතුන්ය. තව වන අලි­යෙක් වයස අවු­රුදු 12ත් 13 වයසේ පසු­ව­න්නෙකු විය. මේ ආකා­රයේ ඛේද­වා­චක දිගින් දිග­ටම අත්වින්දේ වුවද ඒ සඳහා පිළි­යම් යෙදී­මක් අප සිදු කරන්නේ නැත. ඔය ගැන වැඩි ගාණක් නොමැති වීම පළමු වැන්නය. දෙවැන්න වෙන්නේ අලි මළා කියා ලබා දෙන දඬු­ව­මක් නැති­ක­මය.

මේ දෙකම අද සිට ඉවත් කර ගත යුතු බව දින­මිණ යෝජනා කර­න්නේය. අලි සම්පත සම්බ­න්ධ­යෙන් මේ විප­ත්ති­කර අව­දා­නම සඳහා අද සිට පිළි­යම් යෙදීමේ සට­න­කට අප සියල්ලෝ අව­තීර්ණ විය යුතුය. සොබා­දම් මාතාව අප වෙත තිළිණ කරන ලද ඒ මාහැඟි සම්පත මේ රටේ ආඩ­ම්බ­ර­යකි. එසේම ආදා­යම් මාර්ග­යකි. විදෙස් සංචා­ර­ක­යන් මේ රටට එන්නේ ටුක් ටුක් සවාරි යෑමට නොවේ. අපේ මුහුණ බලා, ෆොටෝ ගැනී­මට ද නොවේ. මෙවන් මහඟු සොබා සම්පත් දැක ගැනී­ම­ටය. වේල් වොචින් කියා කල්පි­ටිය පැත්තට යා හැකිය. අලි බැලීම සඳහා මින්නේරි යා හැකිය. කොටියා සිටින්නේ යාල කැලේය. ඒවා සංචා­රක ආක­ර්ෂණ වන්නේ හෙයින් මේ රටේ බර ගාණ­කගේ බඩ වියත ඉන් රැකෙ­න්නේය. මිල කළ නොහැකි කාර­ණය වන්නේ පරි­සර තුල­න­යය. මේ සතා සිවු­පාවා පරි­ස­රය උදෙසා ලබා­දෙන දාය­ක­ත්වය මේ රටේ වන වැස්ම සහ අනෙ­කුත් පාරි­ස­රික සාධක තුල­නය කර ගැනීම සඳහා අති­ශය වැද­ගත්ය.

අලි ගැව­සෙන ප්‍රදේ­ශ­වල දුම්රිය ධාවන වේගය අඩු කිරීම මේ සඳහා ඇති පළමු පිළි­ය­මය. ඒ සඳහා දුම්රිය පාර්ශ්වය කියා සිටින්නේ “ධාව­නය වන දුම්රි­යක් නව­ත්වන්න නම් මීටර් 600කට විතර කලින් තිරිංග මුදා හරින්න ඕන. හෙමින් දුම්රිය ධාව­නය කළත් තිරිංග මුදා හැරී­මෙන් පස්සෙ මීටර් 600ක් විතර දුම්රිය ඉදි­රි­යට ඇදිල යනවා. ඒ නිසා වන අලි මාර්ගය හරහා යන වෙලා­වට තිරිංග මුදා හැරලා ඔවුන්ව බේරා ගැනීම ඉතා ම අසීරු කාර්ය­යක්,” බවය. එසේ නම් අලි ගම­නා­ග­ම­නයේ යෙදෙන මාර්ග සඳහා දුම්රිය මාර්ග­යට උඩින් හෝ යටින් ‘මාරු­වෙන ස්ථාන’ තැනිය යුතුය. එසේ නොමැත්තේ නම් මේ සඳහා අධි තාක්ෂ­ණික සහා­යක් ලබා ගත හැකිය. සිදු කරනා ආකා­රය කුමක්ද යන්න අප පව­සන්නේ නැත. ඒ ගැන සෙවී­මට කියා කාලය සහ මුදල් කෑමට ද ඉඩ දිය යුතු නැත. ඔය ව්‍යාධිය සඳහා ඕනෑ තරම් පිළි­යම් යෝජනා කර ඇත්තේ බැවින්, එම වාර්තා­වක් ගෙන්වා ගෙන ඊළඟ අලි බිල්ල ගැනීම නතර කරවා ගත යුත්තේය.

එක් පැත්ත­කින් හක්ක පටස් තබා අලි වන­ස­න්නේය. අනික් පැත්තෙන් කෝච්චිය දුවන්නේ ද අලි මරා­ගෙ­නය. මේ විදි­හට ගිය­හොත් ශ්‍රී ලංකා අලියා බැලීම සඳහා කැල­යට නොව කටු­ගෙට යා යුතු කාලය පැමි­ණෙ­නවා ඇත.

අලි – මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියා­කාරී සැලැ­ස්මක් සකස් කිරී­මට 2020 වස­රේදී යෝජනා විය. ඒ සඳහා පත් කළ කමි­ටුවේ ප්‍රධා­නියා වූයේ, පෘතු­වි­රාජ් ප්‍රනා­න්දුය. ආර්ථික අර්බු­දය හමුවේ මෙම සැලැස්ම අක්‍රි­යව ගියේය. අලි මරණ එන්න එන්නම තියුණු වැඩි­වී­මක් පෙන්නුම් කරන්නේ හෙයින් මේ ඇක්ෂන් ප්ලෑන වහා එළි­යට ගත යුත්තේය.

දශ­ක­ය­කට පෙර, ශ්‍රී ලංකාවේ වස­ර­කට මිය ගිය අලි ඇතුන් සංඛ්‍යාව 250ක් පමණ විය. මෑත සමයේ මෙම සංඛ්‍යාව 400 ඉක්මවා ගියේය. දැනට පවත්නා අනු­පා­ත­යට අනුව අලි මරණ සංඛ්‍යාව තව­දු­ර­ටත් ඉහළ ගිය­හොත්, ශ්‍රී ලංකාවේ අලි ඇතු­න්ගෙන් 70%ක් පමණ අහිමි වීම අනි­වා­ර්යය. මේ නිසා ඊළඟ අලි බිල්ලට පෙර වැඩේට පිළි­ය­මක් අව­ශ්‍යය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT