Home » බොරාල මාර්ගය අනවසර පතල් නිසා ගිලා බැහැලා

බොරාල මාර්ගය අනවසර පතල් නිසා ගිලා බැහැලා

by sachintha
October 18, 2024 12:33 am 0 comment

කහවත්ත, කෙටේතැන්න හරහා රත්නපුර, බළන්ගොඩ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බොරාල මාර්ගයේ කොටසක් අනවසර මැණික් පතල් හේතුවෙන් ගිලා බැසීම නිසා අනතුරුදායක තත්ත්වයට ලක්ව තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය 15 වැනිදා ද මාර්ගය මැද තවත් අලුත් ගැඹුරු වළක් මතුව ඇති බවයි. කලෙක සිට අනවසර මැණික් පතල් කැපීමෙන් වර්ෂාපතනය සහිත අවස්ථාවලදී මෙම මාර්ගයේ හොරගස්ඕවිට ප්‍රදේශයේ මෙලෙස මාර්ගය මැද වළවල් නිර්මාණය වන බවත්, හිටිහැටියේම මාර්ගයේ සිදු වන ගිලා බැසීම් අවදානම් බවත් මාර්ගයේ ගමන් කරන අය පෙන්වා දෙති. බොරාල, වන්නිආරච්චිගම, නව ගම්මානය, සත්බෝධි විහාරස්ථානය ඇතුළු ගම්මාන කිහිපයක දහස් ගණනක් මෙම මාර්ගය ඔස්සේ දිනපතා ගමන් කරන අතර, මෙයට වසර හතරකට ඉහතදී කාපට් අතුරා සංවර්ධනය කළ බොරාල මාර්ගයේ වළවල් මතුව ඇති මීටර් 500ක පමණ මෙම කොටස පමණක් සංවර්ධනය නොකළේ කලෙක සිට මැණික් පතල් හේතුවෙන් මාර්ගය ගිලා බැසීමේ අවදානමක් පැවැති නිසාය.

කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT