47
සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාමයෝජනා ප්රතික්ෂේප වූයේ තාක්ෂණික දෝෂයකින් නම් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කළ යුතු බව ප්රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය. පක්ෂයේ මහලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්රශ්නයක් හේතුවෙන් නම් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඒ වෙනුවට තමන්ගේ නම ඇතුළත් කළ යුතු යැයිද ඇය කීවාය.
සමගි ජන බලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි පිරිසක් දැයි විමසා සිටින දමිතා අබේරත්න මහත්මිය තමන්ගෙන් ඇති තරම් ප්රයෝජන ගෙන මෙවැනි දෙයක් සිදු කිරීමේ අරමුණ කුමක්දැයි විමසා සිටියාය.
සුභාෂිණී සේනානායක