Home » ඉන්දියා-නව­සී­ලන්ත තර­ගයේ පළමු දිනය වැස්සට සේදේ

ඉන්දියා-නව­සී­ලන්ත තර­ගයේ පළමු දිනය වැස්සට සේදේ

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

සංචා­රක නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම සහ ඉන්දීය කණ්ඩා­යම අතර ඊයේ බැංග­ලෝ­ර්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තර­ගයේ පළමු දිනය වර්ෂාව හේතු­වෙන් පන්දු­වක් හෝ නොයවා අත්හැර දැමී­මට කට­යුතු කෙරිණි.

දිගින් දිග­ටම පැවති වර්ෂාව හේතු­වෙන් ඊයේ තර­ගයේ කාසියේ වාසිය හෝ උරගා බැලී­මට අව­ස්ථා­වක් නොලැ­බිණි. තරග 3කින් සම­න්විත මේ ටෙස්ට් තර­ගා­ව­ලිය අයි­සීසී ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලිය යටතේ පැවැ­ත්වෙන අතර, පළමු තර­ගයේ දෙවැනි දිනය අදයි. මින් පෙර ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට පෙර නව­සී­ලන්ත පිල පසු­ගිය සැප්තැ­ම්බර් 9-13 දින­වල ඉන්දි­යාවේ ග්‍රේටර් නොයි­ඩා­හිදී ඇෆ්ග­නි­ස්තා­න­යට එරෙ­හිව ටෙස්ට් තර­ග­ය­කට ක්‍රීඩා කිරී­මට නිය­මි­තව තිබිණි. එම තර­ගයේ දින පහ­ටම වර්ෂා­වෙන් බාධා වූ අතර, පන්දු­වක් හෝ නොයවා එම තර­ගය අත්හැර දැමිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT