සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ බැංගලෝර්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට කටයුතු කෙරිණි.
දිගින් දිගටම පැවති වර්ෂාව හේතුවෙන් ඊයේ තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට අවස්ථාවක් නොලැබිණි. තරග 3කින් සමන්විත මේ ටෙස්ට් තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන අතර, පළමු තරගයේ දෙවැනි දිනය අදයි. මින් පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර නවසීලන්ත පිල පසුගිය සැප්තැම්බර් 9-13 දිනවල ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩාහිදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි. එම තරගයේ දින පහටම වර්ෂාවෙන් බාධා වූ අතර, පන්දුවක් හෝ නොයවා එම තරගය අත්හැර දැමිණි.