Home » ඩොලර් මල්ලට අව­සන් පූර්ව සටන් අද සිට
ආසියා කළු වෙළඹ යට­කොට සුදු කෙල්ලෝ රජ වෙති

ඩොලර් මල්ලට අව­සන් පූර්ව සටන් අද සිට

පළමු ගැටු­මට ඔස්ට්‍රේ­ලි­යාව හා දකුණු අප්‍රි­කාව

by Gayan Abeykoon
October 17, 2024 1:30 am 0 comment

කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් වට­යෙන් ආසි­යාවේ සියලු කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම් ඉව­තට ගිය අතර, ආසි­යානු රටක පැවති තර­ගා­ව­ලි­යෙන් ආසි­යානු නොවන රට­වල් හත­රක් ඉදි­රි­යට යෑම විශේ­ෂ­ත්ව­යකි. ඉන්දි­යාව, ශ්‍රී ලංකාව, බංග්ලා­දේ­ශය හා පාකි­ස්තා­නය යන ආසි­යානු කණ්ඩා­යම් මූලික වටයේ ලීග් අදි­ය­රේදී පසු­බැ­සී­ම­කට ලක්වෙද්දී ඔස්ට්‍රේ­ලි­යාව, නව­සී­ල­න්තය, දකුණු අප්‍රි­කාව හා බට­හිර ඉන්දීය කොදෙව් යන කණ්ඩා­යම් අද සිට අව­සන් වටයේ තර­ග­ව­ලට එක්වෙයි.

ඒ අනුව මෙවර කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශූරි­යන්ට පිරි­නැ­මෙන අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2.34ක තෑගි මල්ල වෙනු­වෙන් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 69ක්) හා අනු­ශූ­රි­යන්ට හිමි­වන ඩොලර් මිලි­යන 1.17ක (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 35ක්) මුදල් තෑග්ග කරා යන සටන ක්‍රියා­ත්මක කිරී­මට සියල්ල සූදා­නම් වී ඇත.

එහි පළමු අව­සන් පූර්ව තර­ගය අද ඔස්ට්‍රේ­ලි­යාව හා දකුණු අප්‍රි­කාව අතර, දෙවැනි අව­සන් පූර්ව තර­ගය හෙට නව­සී­ල­න්තය හා බට­හිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩා­යම් අතර ඩුබායි හා සාජා ක්‍රීඩාං­ග­ණ­ව­ලදී පැවැත්වේ.

2009 වස­රේදී ආරම්භ කෙරුණු කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය තුළ මේ දක්වා ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම අවස්ථා 6කදී ශූර­තාව දිනා ගැනී­මට සමත්ව තිබේ. එංග­ල­න්තය සහ බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම එක් අව­ස්ථා­වක බැගින් කාන්තා ලෝක ශූරි­යන් බවට පත් වූහ.

වසර 2016දී පැවති තර­ගා­ව­ලි­යෙන් පසු ආසි­යානු කණ්ඩා­ය­මක් අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් නොලැබූ පළමු අව­ස්ථා­වද මෙවර තර­ගා­ව­ලි­යේදී වාර්තා පොත් අතර ලියැ­විණි. ඉන්දීය කාන්තා කණ්ඩා­යම දිගින් දිග­ටම අව­සන් වට­යට සුදු­සු­කම් ලබා ගත්තද, මෙවර ඔවුන් ද මූලික වට­යෙන් විසිවී ගියේය.

මේ අනුව මෙවර මෙතෙක් වාර්තාවී ඇති දස්කම් අනුව පෙනී යන්නේ ආසි­යාවේ කාන්තා ක්‍රිකට් තව­මත් ඔස්ට්‍රේ­ලි­යාව, නව­සී­ල­න්තය, දකුණු අප්‍රි­කාව හා බට­හිර ඉන්දීය කොදෙව් යන කණ්ඩා­ය­ම්ව­ලට පසු පසින් සිටින බවය.

අධික උණු­සු­මක් පව­තින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පැවැ­ති­යද, එම තත්ත්ව­යන්ට හුරු ඉන්දි­යාව ඇතුළු ආසි­යානු කණ්ඩා­යම් වඩාත් හුරු­පු­රුදු සහ මන්ද­ගාමී තණ­තීරු මත ඔවුන්ගේ ශක්තිය පෙන්වනු වනු ඇතැයි තර­ගා­ව­ලි­යට පෙර විචා­රක මතය විය.

එහෙත් මෙවර මූලික වට­යේදී ආසි­යානු කාන්තා ක්‍රිකට් කණ්ඩා­ය­ම්වල දස්කම් විමසා බැලු­ව­හොත් ඔවුන් තර­ගා­ව­ලියේ ක්‍රීඩා කළ තරග 16න් ජය­ග්‍ර­හ­ණය කොට ඇත්තේ තරග 4ක් පමණි. එය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 25ක් වැනි සුළු දක්ෂ­තා­වකි. බංග්ලා­දේ­ශය ලකුණු 16කින් ස්කොට්ල­න්තය පරා­ජය කිරීම, පාකි­ස්තා­නය ලකුණු 31කින් ශ්‍රී ලංකාව පරා­ජය කිරීම, ඉන්දි­යාව කඩුලු 6කින් හා ලකුණු 82කින් පිළි­වෙ­ළින් පාකි­ස්තා­නය හා ශ්‍රී ලංකාව පරා­ජය කිරීම එම සීමිත ජය­ග්‍ර­හණ අතර වේ. අදට දින 82කට පෙර නිමාවූ ආසි­යානු කුස­ලාන විස්සයි20 ශූරි­යන් බවට පත්වූ ශ්‍රී ලංකාව තරග හත­රම පරා­ජ­යට පත් විය. සියලු තරග පරා­ජ­යවූ අනෙක් කණ්ඩා­යම වන්නේ ස්කොට්ල­න්තය පමණි.

කිසිදු ආසි­යානු කණ්ඩා­ය­ම­කට ලෝක කාන්තා ක්‍රිකට් ශ්‍රේණි­ගත කිරීමේ ඉහ­ළින් සිටින ප්‍රති­වා­දීන් පරා­ජය කිරී­මට නොහැකි විය. මේ භේදය ආසි­යානු සහ ආසි­යානු නොවන ක්‍රීඩි­කා­වන් අතර ඇති වූයේ භෞතික ලක්ෂණ නිසාද? දක්ෂ­තා­වයේ ගැට­ලු­වක්ද? යන්න පැන නඟින ප්‍රශ්න­යකි. එසේත් නැති­නම් දක්ෂ­තා­ව­ලින් හෙබි ශ්‍රී ලංකාව හා ඉන්දි­යාව ඇතුළු ආසි­යානු ක්‍රීඩි­කා­වන්ට ජය ගැනී­මට අප­හසු වූයේ මාන­සික ශක්තියේ ගැට­ලු­වක්ද? යන්න ගැඹු­රින් විමසා බැලිය යුතුය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT