Home » මාළු අල්ලන්න දැල් දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට

මාළු අල්ලන්න දැල් දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

ගල්පාත - චන්දන ජය­ලාල්

කල­පු­ගම, කජු­වත්ත ඇළේ මාළු ඇල්ලී­මට ගිය එක් දරු පියකු දියේ ගිලී මිය­ගොස් ඇති බව මොරො­න්තු­ඩුව පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ කල­පු­ගම, කජු­වත්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 50 හැවි­රිදි එරං­ජිත් සුමින්ද නමැති පුද්ග­ල­යකු බව පොලි­සිය පව­සයි. මාළු ඇල්ලී­මට දැලක් එළ­මින් සිටි­යදී එම දැලේ පැටලී දියේ ගිලී සිටි පුද්ග­ලයා ප්‍රදේ­ශ­වා­සීන් විසින් ගොඩ­ගෙන ගෝන­දූව ප්‍රාදේ­ශීය රෝහ­ලට රැගෙ­න­විත් තිබේ. ඒ වන­වි­ටත් ඔහු මිය­ගොස් සිට ඇති බව පොලි­සිය පව­සයි.

මෘත­දේ­හය ගෝන­දූව ප්‍රාදේ­ශීය රෝහලේ තැන්පත් කර ඇති අතර , පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා සිරුර කළු­තර නාගොඩ ශික්ෂණ රෝහ­ලට රැගෙන යාමට නිය­මි­තව ඇත.

මොරො­න්තු­ඩුව පොලි­සිය මඟින් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT