මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රි ධුර අට (08) ලබා ගැනීම සඳහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) තරග බිමට එක්ව ඇත.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රි ධුර අට සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධීන කණ්ඩායම් 15ක් නාම යෝජනා ලබා දිමට පියවර ගෙන තිබූ බවත්ය.
එසේ නාම යෝජනා බාරදී තිබූ කණ්ඩායම් අතරින් පිළිගත් දේශපාලන පක්ෂ වන ඊරෝස් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, අරුණලු ජනතා පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් 04ක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමත් සමඟ පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන කණ්ඩායම් 11ක් තරග බිමට පිවිස ඇති බවත් ඔහු පැවසීය. එම තත්ත්වයන් මත පිළිගත් දේශපාලන පක්ෂ වන ජන අරගල සන්ධානය, ජනසෙත පෙරමුණ, සමාජවාදී සමනතා පක්ෂය, දෙවන පරපුර, ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, සර්ව ජනබලය, ජාතික ජනබලවේගය, එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමබිම පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, සමඟ ස්වාධීන කණ්ඩායම් 11ක් තරග කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවද ඔහු පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් අට දෙනකු තෝරා ගන්නා අතර එම තත්ත්වයන් මත එක් කණ්ඩායමකින් අපේක්ෂකයන් 11 දෙනකු ඉදිරිපත් කෙරෙන අතර, ඒ අනුව මෙම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර අට ලබා ගැනීම සඳහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) දෙනකු තරග බිමට එක්ව ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත, නුවරඑළිය, මස්කෙළිය, කොත්මලේ, වලපනේ යනුවෙන් මැතිවරණ බලප්‍රදේශ හතරක් පවතින අතර මෙම දිස්ත්‍රික්කය තුළ ඡන්ද දායකයන් හය ලක්ෂ පන්දාහස් දෙසිය අනූ දෙදෙනකු (605292) ලියාපදිංචිව ඇත.
එම තත්ත්වයන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් දහනවදහස් හයසිය හැට හය දෙනකු (19666) සඳහා එක් අපේක්ෂකයකු මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්ව ඇත.