Monday, April 21, 2025
Home » බංග්ලා­දේශ ගැටුම් අත­ර­තුර හමු­දාව එ.ජා. සංවිධානයේ ලාංඡන සහිත වාහන භාවිත කරලා

බංග්ලා­දේශ ගැටුම් අත­ර­තුර හමු­දාව එ.ජා. සංවිධානයේ ලාංඡන සහිත වාහන භාවිත කරලා

ලාංඡන ඉවත් කිරීම අත­පසු වූ බව හිටපු විදේශ ඇමැති කියයි

by Gayan Abeykoon
October 17, 2024 1:28 am 0 comment

බංග්ලා­දේ­ශයේ පසු­ගිය අගෝස්තු මාසයේ පැවැති විරෝ­ධතා අත­ර­තුර එරට හමු­දාව විසින් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ලාංඡ­නය සහිත රථ වාහන භාවිත කළ බවට තොර­තුරු හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ  පිළි­බඳ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝනියෝ ගුට­රෙස්ගේ නියෝජ්‍ය ප්‍රකා­ශක ෆර්හාන් හක් බංග්ලා­දේ­ශ­යෙන් පැහැ­දිලි කිරී­මක් ඉල්ලා ඇතැයි ද, ඊට ප්‍රති­චාර දක්ව­මින් එව­කට බංග්ලා­දේ­ශයේ හිටපු විදේශ ඇමැ­ති­ව­රයා විරෝ­ධතා අත­ර­තුර සිය හමු­දාව භාවි­ත­යට ගත් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙ­යුම් නිල­ධා­රීන් විසින් කුලි­යට ගෙන තිබූ වාහ­න­ව­ලින් එම ලාංඡ­නය ඉවත් කිරී­මට අම­තක වූ බව සඳ­හන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ශෙයික් හසී­නාගේ අවාමි ලීග් රජ­යට එරෙ­හිව එරට විශ්ව­වි­ද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝ­ධ­තාව අත­ර­තුර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පාල­නය කිරීම සඳහා එව­කට බංග්ලා­දේශ රජය රට පුරා ඇඳිරිනීතිය පනවා තිබූ දින­වල එරට හමු­දාව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ලාංඡ­නය සහිත එම රථ­වා­හන භාවිත කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සාමසාධක හමු­දා­වට සහ පොලි­සි­යට දාය­ක­ත්වය සප­යන රට­වල් එම සංවි­ධා­නයේ ලාංඡ­නය සහ එක්සත් ජාතීන්ගේ ලාංඡන සහිත උප­ක­රණ හෝ රථ­වා­හන භාවිත කළ යුතු වන්නේ ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සාමසාධක භට­යන් ලෙස අනි­වා­ර්යය රාජ­කා­රියේ නිර­ත­වන අව­ස්ථා­ව­ලදී පම­ණක් බැවින් බංග්ලා­දේ­ශයේ හමු­දාව එරට සිසු ගැටුම මැඬපැවැ­ත්වී­මේදී එවැනි ලාංඡන සහිත වාහන භාවිත කිරීම ජාත්‍ය­න්තර වශ­යෙන් අව­ධා­න­යට ලක්වූ කරු­ණක් වූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT