බංග්ලාදේශයේ පසුගිය අගෝස්තු මාසයේ පැවැති විරෝධතා අතරතුර එරට හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය සහිත රථ වාහන භාවිත කළ බවට තොරතුරු හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස්ගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් බංග්ලාදේශයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇතැයි ද, ඊට ප්‍රතිචාර දක්වමින් එවකට බංග්ලාදේශයේ හිටපු විදේශ ඇමැතිවරයා විරෝධතා අතරතුර සිය හමුදාව භාවිතයට ගත් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් නිලධාරීන් විසින් කුලියට ගෙන තිබූ වාහනවලින් එම ලාංඡනය ඉවත් කිරීමට අමතක වූ බව සඳහන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජයට එරෙහිව එරට විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතාව අතරතුර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා එවකට බංග්ලාදේශ රජය රට පුරා ඇඳිරිනීතිය පනවා තිබූ දිනවල එරට හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය සහිත එම රථවාහන භාවිත කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාවට සහ පොලිසියට දායකත්වය සපයන රටවල් එම සංවිධානයේ ලාංඡනය සහ එක්සත් ජාතීන්ගේ ලාංඡන සහිත උපකරණ හෝ රථවාහන භාවිත කළ යුතු වන්නේ ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක භටයන් ලෙස අනිවාර්යය රාජකාරියේ නිරතවන අවස්ථාවලදී පමණක් බැවින් බංග්ලාදේශයේ හමුදාව එරට සිසු ගැටුම මැඬපැවැත්වීමේදී එවැනි ලාංඡන සහිත වාහන භාවිත කිරීම ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වූ කරුණක් වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.