Home » ආසියානු එලයිට් බොක්සිං වළල්ලට ශ්‍රී ලංකාවෙන් 13ක්

ආසියානු එලයිට් බොක්සිං වළල්ලට ශ්‍රී ලංකාවෙන් 13ක්

by sachintha
October 16, 2024 1:59 am 0 comment

ආසියානු බොක්සිං සම්මේලනයේ ආසියානු එලයිට් බොක්සිං ශූරතාවලි ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරන වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව මෙවර තරගාවලියට සහභාගි කිරීමට ශ්‍රී ලංකා බොක්සිං ආයතනය පියවර ගෙන තිබේ. ලබන නොවැම්බර් මස 28 වැනිදා සිට දෙසැම්බර් මස 12 දක්වා ජෝර්දානයේ අම්මාන් නුවර පැවැත්වීමට නියමිත මෙවර ආසියානු එලයිට් බොක්සිං ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම 13 දෙනකුගෙන් සමන්විත වන අතර, ඊට ක්‍රීඩිකාවෝ සිව්දෙනෙක් ද ඇතුළත් වෙති.

පසුගියදා පැවති ලේට්න් කුසලාන බොක්සිං තරගාවලියෙන් පසු ජාතික බොක්සිං තේරීම් කමිටුව විසින් වසර අටකට පසුව නම් කරනු ලැබූ ජාතික බොක්සිං සංචිතයෙන් තෝරාගත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආසියානු එලයිට් බොක්සිං ශූරතාවලියට පෙර සති දෙකක පුහුණු සැසියකට සහභාගි වීමට ද අවස්ථාව ලැබී ඇතැයි වාර්තා වේ.

ආසියානු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම: පිරිමි – කි.ග්‍රෑ. 48-ටී.එච්.එන්. ජිනදාස (පොලිසිය), කි.ග්‍රෑ.51- ජී.පී.යූ. මිහිරාන් (පොලිසිය), කි.ග්‍රෑ.54-ජී.ජේ.කේ.ආර්. කුමාර (විද්‍යාරත්න), කි.ග්‍රෑ.57- පී.ඒ.ආර්. ප්‍රසන්න (යුද), කි.ග්‍රෑ.63.5- එච්.ඒ.එච්.ඩී. හෙට්ටිආරච්චි (නාවික), කි.ග්‍රෑ.67- පී.එස්.පී.එස්. ප්‍රනාන්දු (යුද), කි.ග්‍රෑ.71- අයි.පී.ඩී.සී. උදයකුමාර (ගුවන්), කි.ග්‍රෑ.75- වයි.එම්. උසෙයිත් (සිල්වෙස්තර), කි.ග්‍රෑ.86 – වයි.එස්.පී. සුධම්ම (යුද), කාන්තා – කි.ග්‍රෑ.48- ආර්.ඒ.එන්. පුෂ්පකුමාරි (විද්‍යාරත්න), කි.ග්‍රෑ.50- කේ.කේ.අයි.ටී. පෙරේරා (ගුවන්), කි.ග්‍රෑ.52 – එච්.එස්. ප්‍රියදර්ශනී (යුද), කි.ග්‍රෑ.57- කේ.ඒ.කේ. හංසිකා (විද්‍යාරත්න).

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT