Home » පාකිස්තානය 259/5යි

පාකිස්තානය 259/5යි

by sachintha
October 16, 2024 1:57 am 0 comment

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ මුල්තාන්හිදී ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 259ක් රැස් කර ගෙන සිටියේය.

මොහොමඩ් රිස්වාන් ලකුණු 37ක් සහ සල්මාන් අගා ලකුණු 5ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

පාකිස්තාන මුල් කඩුලු 2 ලකුණු 19ක් තුළ බිඳ වැටුණු අතර, ආරම්භක පිතිකරු සයිම් අයුබ් සමඟ එක්වූ මේ තරගයෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබාගත් 29 හැවිරිදි කම්රාන් ගුලාම් තෙවැනි කඩුල්ලට ලකුණු 149ක සබඳතාවක් පිහිටුවීය. අයුබ් ලකුණු 77ක් රැස් කර සිටියදී දැවී යෑමෙන් එම සබඳතාව නිමා වුව ද මොහොමඩ් රිස්වාන් සමඟ 5 වැනි කඩුල්ලට ලකුණු 65ක් එක් කිරීමට ද ගුලාම් සමත් විය. ඒ අතරතුර සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට ගුලාම් සමත් වූ අතර, ඔහු 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 224කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 118ක් රැස් කර තිබිණි.

අද තරගයේ දෙවැනි දිනයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT