Home » සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 20න් පහළ පාපන්දු ශූරයන්ට එල්ල වූ විරෝධයෙන් කිරුළ අනුශූර ගාල්ල මහින්දයට

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 20න් පහළ පාපන්දු ශූරයන්ට එල්ල වූ විරෝධයෙන් කිරුළ අනුශූර ගාල්ල මහින්දයට

by sachintha
October 16, 2024 1:56 am 0 comment

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ පාපන්දු තරගාවලියේදී අවුරුදු 20න් පහළ ශූරතාව දිනාගත් යාපනය මධ්‍ය මහ විදුහලට එය අහිමි කිරීමට තරගාවලි සංවිධායකයන් කටයුතු කිරීම හේතුවෙන් අනුශූරයන් වූ ගාල්ල මහින්ද විදුහලට ශූරතාව හිමි විය.

පළාත් 9ක කණ්ඩායම් 27ක සහභාගිත්වයෙන් අනුරාධපුර නගරයේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කොටගෙන පැවති මේ තරගාවලියේ අවසන් තරගයේදී යාපනය මධ්‍ය විදුහල හමුවේ ගෝල 2 -1ක් ලෙස පරාජය වීමට මහින්ද විදුහලට සිදු විය.

කෙසේ වෙතත් යාපනය මධ්‍ය මහා විදුහල් කණ්ඩායමට එම පාසලේ නොවන ක්‍රීඩකයන් සහ වයස් සීමාව ඉක්මවූ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ගොනු කළ විරෝධතාව ඔප්පුවීම නිසාවෙන් අනුශූරතාව දිනා සිටි ගාල්ල මහින්ද විදුහලට ශූරතාව හිමි විය. තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගත් කල්පිටිය අල් අක්ෂා විදුහල අනුශූරයන් බවට පත් විය.

ගාල්ල මහින්ද විදුහල් කණ්ඩායම ඕ.කේ. රවිඳු ලෝචනගේ නායකත්වයෙන් සහ කේ.ජේ.පී. මධුශංකගේ උප නායකත්වයෙන් තරග වැදුණු අතර එම කණ්ඩායමේ ජී.කේ. චරිත් ඩිල්ෂාන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබීය.

ජයග්‍රාහී කණ්ඩායමට ඕ.කේ. රවිඳු ලෝචන (නායක), කේ.ජේ.පී මධුශංක (උප නායක), ඩී.එන්.එම්.ජී තාරක, කේ.කේ. ඩිල්ෂාන්, සජීව් පුන්සර, එස්.අයි. සිල්වා, චරිත් ඩිල්ෂාන්, කේ.ඒ. රණසිංහ, කේ.කේ.එස්. නන්විදු, ඩබ්ලිව්.ආර් නිශාන්ත, කේ.වයි.ජේ. ඉක්සුර, ඒ.කේ.එස්. ගණිෂ්ක, එම්.ඒ.වී. පුන්සද සහ එස්.එච්.වී.එස්. කුමාර ඇතුළත් වූ අතර, ප්‍රධාන පුහුණුකරු ඒ.එම්.ඒ. නිශාන්ත, සහාය පුහුණුකරුවන් ලෙස නයන නේමින්ද සහ චරිඳු සත්සර සමඟ පාපන්දු ක්‍රීඩා භාර ආචාර්ය ලෙස එම්.ඒ.එස්.සී මුණසිංහ මහත්වරු කටයුතු කළහ.

ඉෂාණි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT