Home » රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

by sachintha
October 16, 2024 2:24 am 0 comment

හිටපු ජනාධිපති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිතව ඇති බව සඳහන්ය.

වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබාදෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT