Home » හොර පාරෙන් එළියට යන්න ගිය විස්කි බෝතල් කටුනායක දී මාට්ටු

හොර පාරෙන් එළියට යන්න ගිය විස්කි බෝතල් කටුනායක දී මාට්ටු

by yasara
October 16, 2024 3:00 pm 0 comment

රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්  කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී අද  (16)ඩදින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි .

ඔහු අද දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ වැලන්ටයින් සහ බ්ලැක් ලේබල් වර්ගයේ විස්කි බෝතල් 69 ක් සහ මැන්චෙස්ටර් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 2,380 ක් ද සගවා ගෙන සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සමග ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි සහ විස්කි බෝතල් තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT