Home » අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ඉවතට

අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ඉවතට

by yasara
October 16, 2024 2:54 pm 0 comment

මාස 6ක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙක් ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙයි.

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට පසුගියදා මෙම සිරදඬුවම් නියම කෙරිණි

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සාරුක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව මේ වන විට අපරාධමය නඩුවක් බවට පත්වී තිබෙන නිසා ඔවුන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සඳහන් කළේ මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.

ඒ අනුව මෙහි වග උත්තරකරුවන්ට නියම කර තිබෙන්නේ විකල්ප දඩුවමක් වන හෙයින් එය අපරාධමය නඩුවක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT