Home » දැඩි සුළඟකින් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා වලට හානි

දැඩි සුළඟකින් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා වලට හානි

by yasara
October 16, 2024 12:02 pm 0 comment

අම්බලන්ගොඩ ධීවර වරායට  ඊයේ (15)  රාත්‍රියේ සිට අධික වේගයෙන් සුළං හැමීම නිසා  දැඩි රළ පහරවල් වරායට ගැසීම හේතුවෙන් වරායේ තිබූ බහු දින යාත්‍රා සහ බෝට්ටු  ඇතුළු ඔරු රළ පහරට හසුවී ගොඩබිමට ගසා තිබෙයි.

මෙම රල පහර හේතු කොට ගෙන ධීවර යාත්‍රා රැසක් එකිනෙක ගැටීම නිසා එම ධීවර යාත්‍රාවලට බරපතල හානි සිදුවී ඇත.

ධීවරයන් ඊයේ රාත්‍රියේ සිට තම ධීවර යාත්‍රා බේරා ගැනීම සඳහා දැඩි ලෙස පරිශ්‍රමයක් දැරීය.

ජලය ගලා එම නිසා වරාය අවට ප්‍රදේශය මුහුදු ජලයෙන් යට වී ඇත.

මේ නිසා  අද (16)  දින ධීවර වරායේ කටයුතු අඩාල වී ඇත.

වරාය තුල වැලි පිරීම හේතුකොටගෙන මෙසේ රළ පහරවල් ගලා ඒම නිසා මෙවන් හානි සිදුවන බව ධීවරයන් පවසයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT