Thursday, April 24, 2025
Home » පාස්කු වාර්තා එළියට දාන්න විජිත ගම්මන්පිලට දින 3ක් දෙයි

පාස්කු වාර්තා එළියට දාන්න විජිත ගම්මන්පිලට දින 3ක් දෙයි

by sachintha
October 16, 2024 4:22 am 0 comment

පාස්කු ඉරු දින ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා උදය ගම්මන්පිල මහතා ළඟ තිබේ නම්, එම වාර්තා ලබාදීමට ඒ මහතාට දින 03ක් කල් දෙන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ගම්මන්පිල මහතා එම වාර්තා හංගාගෙන තිබේ නම් එය ද බරපතළ වරදක් බව හෙතෙම කීවේය. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. ආණ්ඩුවක් විදියට අප වැඩ කරන්නේ වගකීමෙන්. ඒ අනුව ඒ පරීක්ෂණ නිවැරැදි ආකාරයට කරගෙන යනවා. යම්කිසි අකටයුත්තක් වෙලා තිබෙනව නම් ඒ පිළිබඳ පරීක්ෂණ කරලා වහාම පියවර ගන්නවා. උදය ගම්මන්පිල මහත්තයා ළඟ එම වාර්තාව තිබෙනව නම් අපි දවස් 03ක් කල් දෙනවා පුළුවන් නම් එම වාර්තාව ගෙනත් දෙන්න. අපිට ලේසියි. රජය සතු වාර්තා නිවැරැදි විදියට නිවැරැදි ක්‍රමවේදයට පරීක්ෂණයට භාජන කරනවා. පිටු අඩු වෙලා ද මොනව වෙලාද කියන එක ඒ පරීක්ෂණවලින් පස්සේ අපි ඒ ජනතාවට සාධාරණය ඉටු කරන්න බැඳිලා ඉන්නවා. ඒක කරනවා. ගම්මන්පිල මහත්තයට එම වාර්තා ලැබිලා තිබෙනව නම් ඒවා වහාම දෙන්න. අපිට ලැබුණු විදියත් හොයාගන්න ඕනෑ. කොහොමද ඒවා හම්බ වුණේ කියලා. අපිත් දැනගන්න කැමැතියි. රටේ ජනතාවත් දැනගන්න කැමැතියි. මෙච්චර කල් ගම්මන්පිල මහත්තයා ගාව මේ වාර්තා තියාගෙන හංගගෙන සිටීමත් බරපතළ අපරාධයක්. වහාම දවස් තුනක් අපි කල් දෙන්නම් ඒ වාර්තා ලබා දෙන්න.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT