Wednesday, April 23, 2025
Home » ගැටලු ඍජුවම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාව

ගැටලු ඍජුවම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාව

by sachintha
October 16, 2024 2:26 am 0 comment

විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන්ට අදාළව මෙතෙක් නොවිසඳුණු ගැටලු සෘජුවම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාව මහජනතාවට ලබාදීමේ විශේෂ වැඩසටහනක් කාර්යාංශය විසින් හඳුන්වා දී තිබේ.

“සභාපතිට කියන්න- Talk to Chairman” නම් මෙම වැඩසටහන මඟින් අදාළ ගැටලු සෘජුවම සභාපතිවරයා වෙත යොමුකරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය එම ගැටලු වෙත යොමු කරමින් ඊට කඩිනමින් විසඳුම් ලබා දීමට කාර්යාංශ සභාපතිවරයා කටයුතු කරනු ලබයි. අභිනවයෙන් කාර්යාංශයට පත්වූ නව සභාපති කෝෂල වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක්ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපනය කර තිබේ. මීට අමතරව, පැමිණිලි පෙට්ටියක්ද ස්ථාපනය කර ඇති අතර, ඊට යොමු කරන පැමිණිලි සඳහාද විසඳුම් ලබා දීමට කටයුතු කෙරේ.

තවද, 0112 864188 දුරකතන අංකය ඔස්සේද පැමිණිලි භාරගනු ලබන අතර, 0717 593 593 යන Whatsapp අංකය ඔස්සේ හා talkchairman@slbfe.lk යන ඊමේල් ලිපිනය ඔස්සේද පැමිණිලි යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

විගමණික ප්‍රජාවගේ ගැටලු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හා කාර්යාංශය මඟින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබා දීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සම්ප්‍රදාය අබිබවා නව වෙනසක් ලෙසින් කාර්යාංශ ජනතාවට සමීප කිරීම මෙමඟින් බලාපොරොත්තු වේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT