Wednesday, April 23, 2025
Home » යාපනය සමුපේ තිරුණවේලි කිරි අලෙවිසලට සීල් තබන්නැයි නියෝග

යාපනය සමුපේ තිරුණවේලි කිරි අලෙවිසලට සීල් තබන්නැයි නියෝග

by sachintha
October 16, 2024 1:50 am 0 comment

යාපනය සමුපකාර සමිතියට අයත් තිරුණවේලි කිරි අලෙවි කිරීමේ මධ්‍යස්ථානයට වහාම සීල් තබා වසා දමන ලෙසත්, එහි කළමනාකාරවරයාට රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා පෙරේදා (14) නියෝග කර තිබේ.

මීට මාස දෙකකට ඉහතදී යාපනය තිරුණවේලි ප්‍රදේශයේ වැසියන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම කිරි අලෙවි කිරීමේ මධ්‍යස්ථානය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරික්ෂාවට ලක් කිරීමේදී එහි ඇති අපිරිසුදු බව සම්බන්ධයෙන් කාරණා 32ක් එම නිලධාරීන්ට අනාවරණය කරගැනීමට හැකිවී තිබුණි.

එම අවස්ථාවේදී එම අලෙවිසල පවත්වාගෙන යන යාපනය සමුපකාර සමිතියේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය එහි අඩුපාඩු සකස් කිරීමට මාස දෙකක කාලයක් ඉල්ලා තිබුණි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊට අවසර දී කිරි අලෙවිසල පවත්වාගෙන යෑමට ඉඩ දී ඇත.

මාස දෙකකට පසුව එම නිලධාරීන් අදාළ ස්ථානය පරික්ෂා කිරීමේදී එහි වැරදි 46ක් දක්නට ලැබීම නිසා එහි කළමනාකාරවරයාට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කර තිබේ.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT