Wednesday, April 23, 2025
Home » වවුනියාව පාස්පෝට් කාර්යාලයේ අකටයුතුකම් නිසා ජනතාව දැඩි අපහසුතාවක

වවුනියාව පාස්පෝට් කාර්යාලයේ අකටයුතුකම් නිසා ජනතාව දැඩි අපහසුතාවක

by sachintha
October 16, 2024 1:49 am 0 comment

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ශාඛාවෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දිනකට බලපත්‍ර 25ක් පමණක් නිකුත් කිරීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවට මුහුණ පා සිටිති.

මේ සම්බන්ධයෙන් සහ මේ කර්යාලයේ සිදු වන අකටයුතුකම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස උතුරේ වැසියන් පිරිසක් ජනාධිපතිවරයාට පෙරේදා (14) ලිපියක් යොමු කර ඇත.

දිනකට මේ කාර්යාලයෙන් ගමන් බලපත්‍ර ගැනීමට ඉතා දුර බැහැර පළාත්වල සිට පුද්ගලයන් 400ත් 600ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන නමුත් ඔවුන්ගෙන් කාර්යාලයට යෑමට අවසර ලැබෙන්නේ 25කට පමණක් බව උතුරේ වැසියෝ ප්‍රකාශ කරති. එසේ පැමිණෙන වැසියන්ට පසු දිනයේ හෝ කාර්යාලයට යෑමට අවසරයක් හිමි නොවීම බලවත් අසාධාරණයක් බව ද මොවුන් ප්‍රකාශ කරයි. මේ සියලු කටයුතු ගැන සොයා බලා වවුනියාවේ පාස්පෝට් කාර්යාලයෙන් උතුරේ ජනතාවට නිසි සේවයක් සලසා දෙන ලෙස මෙහි වැසියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT