Monday, April 21, 2025
Home » තමිල්නාඩුවට මහා වැසි: ගුවන් ගමන් අත්හිටුවයි

තමිල්නාඩුවට මහා වැසි: ගුවන් ගමන් අත්හිටුවයි

by sachintha
October 16, 2024 2:08 am 0 comment

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් චෙන්නායි ඇතුළු නගර රැසක මහාමාර්ග ජලයෙන් යටවී ඇතැයි ද, ජල ගැලීම් හේතුවෙන් නිවාස රැසක් විනාශ වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය තවත් දරුණු අතට හැරෙන බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කිරීමත් සමඟ පහත් බිම්වල පදිංචිව සිටින දහස් සංඛ්‍යාත ජනතාව ඉවත් කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටින බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

චෙන්නායි නුවර ගුවන්තොටුපොළ අවට මාර්ග සියල්ල ජලයෙන් යටවී ඇති බවත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අටක් අවලංගු කිරීමට සිදුවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. තමිල්නාඩු ප්‍රාන්තයට මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති අතර, අද දිනය ප්‍රාන්තයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT