Sunday, April 20, 2025
Home » සාම සාධක හමුදාව ‍ලෙබනනයෙන් යන්නේ නෑ

සාම සාධක හමුදාව ‍ලෙබනනයෙන් යන්නේ නෑ

-එක්සත් ජාතීන්ගේ මහලේකම් ඊශ්‍රායලයට කියයි

by sachintha
October 16, 2024 2:07 am 0 comment

දකුණු ලෙබනනයේ ස්ථානගත වී සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කඳවුරු වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වූවද සිය හමුදාව ඉවත් කර නොගන්නා බවත්, තවදුරටත් සාම සාධක හමුදාවට සහාය පළ කරන බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ නම සඳහන් කිරීමකින් තොරව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සහ ඔවුන්ගේ කඳවුරුවල ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධව සියලු පාර්ශ්ව ගරු කළ යුතු බවය.

දකුණු ලෙබනනයේ රාජකාරියේ නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වහාම ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගියදා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි. ඊශ්‍රායලයෙන් එවැනි පීඩනයක් එල්ල වුවද, දකුණු ලෙබනනයෙන් සාම සාධක හමුදාව ඉවත් කර ගැනීමේ කිසිදු අදහසක් නැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT