Home » වසරක් තුළ අයිසීසී මාසයේ ක්‍රීඩක සම්මානය දෙවරක් දිනා කමිඳු මෙන්ඩිස් වාර්තා පොතට

වසරක් තුළ අයිසීසී මාසයේ ක්‍රීඩක සම්මානය දෙවරක් දිනා කමිඳු මෙන්ඩිස් වාර්තා පොතට

by sachintha
October 15, 2024 2:47 am 0 comment

මෑත කාලයේ ශ්‍රී ලංකා පිලේ පිතිහරඹයෙන් කැපී පෙනෙන දස්කම් පෑ කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මස විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. මීට පෙර මාර්තු මාසයේදිත් විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට ලක්වූ කමිඳු මෙන්ඩිස් මේ වසරේදී එම සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රීඩකයා ලෙස මේ වසරේදී දෙවතාවක් සම්මානයට ලක් වූ එකම ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් වාර්තාපොතට එක්විය.

කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසයේදී එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කළ අතර, එහිදී ලකුණු 451ක් රැස් කරනු ලැබුවේ ලකුණු 90.20ක සාමාන්‍ය වේගයක් රඳවා තබා ගනිමිනි. ඔහුගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර ඕවල් පිටියේ පැවැති ටෙස්ට් තරගයත්, ගාල්ල ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2ත් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර. එහිදී කමිඳු ශතක දෙකකට හිමිකම් කීවේය. කමිඳු මෙන්ඩිස් සමඟ සැප්තැම්බර් මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා එම මාසයේදී ප්‍රභාත් ජයසූරිය හා ඔස්ට්‍රේලියාවේ ට්‍රෙවිස් හෙඩ් නිර්දේශ වී තිබිණි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT