Home » සාහිත්‍යාභි වන්දනා නිර්මාණ තරගයෙන් ජය ගත්තෝ සහතික ලබති

සාහිත්‍යාභි වන්දනා නිර්මාණ තරගයෙන් ජය ගත්තෝ සහතික ලබති

by sachintha
October 15, 2024 3:37 am 0 comment

වත්තල ප්‍රාදේශීය සභාවේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන ‘සාහිත්‍යාභි වන්දනා’ සාහිත්‍ය උත්සවය පසුගියදා වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

2024 වසරේ සාහිත්‍ය තරගය සඳහා ප්‍රදේශයේ පාසල් දරුවන් මෙන්ම දහම් පාසල් සහ පුස්තකාල සාමාජිකයන්ද තම නිර්මාණ යොමු කර තිබූ අතර, ඉන් ජයග්‍රහණය ලැබූ දරු දැරියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමිණි. මෙවර සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංගීත නිපුන් සංගීතාචාර්ය සුදත් මාරසිංහ මහතා එක්ව සිටියේය.

මෙම සාහිත්‍ය උත්සවය වත්තල ප්‍රාදේශීය සභාවේ ලේකම් සංජය බණ්ඩාර මහතාගේ උපදෙස් මත වත්තල හැඳල ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයාධිපති රජිතා ගංගානි මහත්මිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කර තිබිණි.

කැලණිය – කේ. එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT