Home » සීතාවක ගංවතුරෙන් අවතැන්වූවන්ගේ සෞඛ්‍ය පිරික්සයි

සීතාවක ගංවතුරෙන් අවතැන්වූවන්ගේ සෞඛ්‍ය පිරික්සයි

by sachintha
October 15, 2024 3:35 am 0 comment

කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවතැන්වූ සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පහළ හංවැල්ල සහ හංවැල්ල නගරය යන ග්‍රාම නිලධාරී වසම්වල ජලයෙන් යට වූ නිවෙස් 55ක පමණ පදිංචි පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම අවිස්සාවේල්ල මූලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ද, ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ද පෙරේදා (13) සිදු කෙරුණි.

හංවැල්ල, මායාදුන්න මහා විද්‍යාලයේ සහ පහළ හංවැල්ල රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ අවතැන්ව සිටින පිරිස මෙලෙස පරීක්ෂා කෙරුණි. එම අවස්ථාවට අවිස්සාවේල්ල මූලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය ද ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා ද අවතැන් පුද්ගලයෝ ද සහභාගි වූහ.

පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT