මීගමු කලාපය භාරව වසර 8ක සාර්ථක සේවා කාලයක් නිමා කරමින් නික්ම යන අතිගරු ශිෂ්වාන් ජෝසප් ද කෲස් කලාප නාහිමිතුමාට සමු දීමේ හා නව කලාප නාහිමි ලෙස පත්වීම් ලද කුමාර වැලිවිට නාහිමිතුමා පිළිගැනීමේ උත්සවයක් පෙරේදා (13) මීගමුව තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කෙරිණ.
මෙම උත්සවය මීගමුව කලාපීය කතෝලික බල මණ්ඩලයේ ලේකම් එම්මානුවෙල් පියුම් වර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ එම බල මණ්ඩලය විසින් සංවිධානය කරකු ලැබ තිබුණි. මෙම අවස්ථාවට මීගමුව අඟුරුකාරමුල්ල මහ පන්සලේ අනුරාධපුරේ ඥානාලංකාර හිමි, මුස්ලිම් ආගමික අබ්දුල්ලා අබ්දුල් රුස්මාන් දේශකතුමා සර්ව ආගම් නියෝජනය කරමින් එක්වූහ. රාජ්‍ය නිලධාරීන් ලෙස මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, මීගමුව රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය රසික ලියනගේ ඇතුළු නිලධාරී මණ්ඩලයක් ද විවිධ සමිති සමාගම් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් ද සහභාගී වූහ. කලාපයීය පියතුමන්ලා ද බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද,මෙම අවස්ථාවට එක්ව සිටි අතර, වසර ගණනාවක් මාධ්‍ය සේවා කටයුතුවල නියැලුණු මීගමුව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට උපහාර පිදීමක් ද මෙහිදී සිදු විය.
කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල