Home » රෝගීයෙක් රැගෙන ගිය ත්‍රී රෝද රථය අධික වේගය නිසා අනතුරට – එක් අයෙක් මරුට

රෝගීයෙක් රැගෙන ගිය ත්‍රී රෝද රථය අධික වේගය නිසා අනතුරට – එක් අයෙක් මරුට

by yasara
October 15, 2024 11:44 am 0 comment

මොනරාගල නගරයේ වටරවුම අසලදී  ඊයේ  (14) රාත්‍රී සිදුවූ රියඅනතුරකින් එක් අයෙකු මියගොස් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුවී ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

UPLG7858 දරණ කැබ්රථය පොතුවිල් ප්‍රදේශයේ සිට ඇඹිලිපිටියට කෙසෙල්කැන් රැගෙනඒමට යමින් සිටියදී ඉදිරියෙන් වේගයෙන් ත්‍රීවීල්රථයක් පැමිණෙන බව දැක කැබ්රථයේ ගැටීම වැලැක්වීමට කැබ්රථය නතරකර ඇත.

ඒ අවස්ථාවේ  මොනරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ සිට අනතුරට ලක්වූ අයෙකු රැගෙනයමින් සිටි එම ත්‍රීවීල්රථය වේගය පාලනයකර ගැනීමට නොහැකි පෙරළීගොස් නතරකර තිබූ බොලෙරෝ වර්ගයේ කැබ්රථයේ ගැටී තිබේ.

අනතුරෙන් ත්‍රීවීල්රථයේ රියදුරු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව ත්‍රීරෝදරථයේ පිටුපස ගිය අයෙකු මියගොස් ඇත.

මෙම ත්‍රීවීල්රථය හුලංදාව දකුණ ප්‍රදේශයේ අනතුරට ලක්වූ රෝගියෙකු රැගෙනයමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝදරථයේ පිටුපස මගියෙකු වූ මොනරාගල හුලංදාව දකුණ පදිංචි කාවින්ද ශෂීරංග (23) නැමති තරුණයෙකි.

රෝහල්ගතව සිටින තිදෙනෙකුගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මොනරාගල රථවාහන අංශයේ ස්ථානාධිපති ජානක රත්නසිරි මහතාගේ උපදෙස් පිට උ.පො.ප නාමල් මහතා පරීක්ෂණ පවත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT