Wednesday, April 23, 2025
Home » රටවල් 18ක නියෝජිතයෝ ලාඕසයේදී නැඟෙනහිර ආසියානු සමුළුවට එක්වෙති

රටවල් 18ක නියෝජිතයෝ ලාඕසයේදී නැඟෙනහිර ආසියානු සමුළුවට එක්වෙති

by sachintha
October 15, 2024 1:25 am 0 comment

ආසියානු පැසිෆික් කලාපයේ අතිශය වැදගත් රාජ්‍යයන් 18ක් නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ වසරේ නැඟෙනහිර ආසියානු සමුළුව පසුගියදා ලාඕසයේ වියන්ටියන් අගනුවරදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලාඕසයේ අගමැති සොනෙක්සේ සිපන්ඩෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවට බෘනායි, කාම්බෝජියා, ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ජපානය, නවසීලන්තය, දකුණු කොරියාව, රුසියාව සහ අමෙරිකාව නියෝජනය කරමින් රාජ්‍ය නායකයන්, විදේශ ඇමැතිවරු ඇතුළු නියෝජිතයන් සාමාජික රටවල් සහ ආරාධිත රටවල් ලෙස එක්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මෙවර නැඟෙනහිර ආසියානු සමුළුවට එක්වූ නියෝජිතයන් අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන අගමැති ලි ක්වැං කැපී පෙනුණු බවත්, එහිදී දෙදෙනා දැක්වූ අදහස් සෙසු සාමාජික රටවල් අතර පැසසුමට හා අවධානයට ලක්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉන්දු පැසිෆික් කලාපයේ රටවල් මුහුණ දෙන සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සම්බන්ධ අභියෝග සඳහා සාමුහික එකඟතාවට පැමිණීමට එම සමුළුව අතිශය වැදගත් පිටුවහල් සපයනු ඇතැයි මෙහිදී අදහස් පළ කළ ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර, ආසියාතික රටවලට එක හා සමාන ප්‍රතිලාභ හා අවස්ථා උදා කරගැනීමටත්, දිගුකාලීන ස්ථාවරත්වය සහ සංවර්ධනය ගොඩනඟමින් ආසියාව වඩාත් යහපත් කලාපයක් බවට පත් කිරීමට හැකියාව ඇතැයි චීන අගමැතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT