ලෝකයේ ජල හිඟයෙන් වඩාත්ම පීඩනයට පත්ව ඇත්තේ උතුරු අප්‍රිකානු දේශවාසීහුය. එහි නිරන්තරයෙන්ම ඇත්තේ නියඟයය. එවැනි දේශයක් වූ මොරොක්කෝවට වසර හතළිහකට පසු වැසි ලැබුණේ මේ මාසයේය.
ගිනිකොනදිග මොරොක්කෝවට වැසි දෙවියෝ වෙනදාට සොරව්ව අරින්නේ නැති වුවද මෙදා විවෘත කරන ලද වේල්ල වසා දැමීමට හෙතෙම අමතක කළේය. ‘හැමදා නියං එකදා වැහි වලාවේ’ යන්න වචනාර්ථයෙන්ම සත්‍ය කරමින්, මෙසේ කඩා වැදුණු වැස්ස, සමස්ත මොරොක්කෝ කලාපයටම අලුත් කතාවක් එක් කළේය.
වසර පනහකට පසු සහරා කාන්තාරය ද දොගොඩතලා යන්නට විය. මොරොක්කෝවේ රචිඩියා අසල කාන්තාර නගරයක් වන මර්සූගා හි තල් ගස් යාය, ගුවනට දිස්වූයේ වැවක සිටවන ලද සේය. වෙනදාට ජල හිඟයෙන් ක්ලාන්තව වැටෙන මිනිසුන් සිටින කලාපයේ, මෙදා මරණ වාර්තා වූයේ අධික වර්ෂාව හේතුවෙනි. පැය විසිහතරක් තුළ මිලිමීටර් 100ක වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් පුද්ගලයෝ 18 දෙනෙකු මරණය වැලඳ ගන්නා තරමට තත්ත්වය අවුල් විය.
මේ ආකාරයට ලෝක කාලගුණ සිතියම පෙරළි කරන්නේ හිතුමතේට නොවේ. එය මිනිසා විසින් පරිසරය වෙත එල්ල කර ඇති බර අවි ප්‍රහාර සඳහා පෙරළා ලැබෙන ප්‍රතිචාර වන්නේය.
දිවයිනේ දිස්ත්‍රික්ක 12කට පසුගිය 07 වැනිදා සිට ඇදහැලෙන අධික වර්ෂාව ද මේ ගනයේ ප්‍රතිචාරයකි. ඒ සමඟ සංවර්ධනයේ නාමයෙන් ළඟ බලා කටයුතු කිරීම ද එකතු වූ විට, ක්ෂණික ජල ගැලීම්, අධික සුළං, කණ්ඩි කඩා වැටීම්, ගස් කඩා වැටීම් ආදී ව්‍යසන සමඟ පෙරේදා සන්ධ්‍යාව වන විට පවුල් 33,379ක පුද්ගලයන් එක් ලක්ෂ තිස් දාහක් අනාථ වී ඇත්තේය.
කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි නදිය දෙපස සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බහුතරයක් ජනතාව මෙම වැස්ස හේතුවෙන් අධිකතර පීඩාවකට ලක්ව ඇත්තේය. සංවර්ධන මාදිලි සඳහා යෑමේදී අප සැලකිල්ලට ගත යුත්තේ මේ කාරණාය. ගම්පහ නගරය බැලීම සඳහා අත්තනගලු ඔය, වසරක් තුළ දෙවැනි වරට ද පැමිණියේය. එහෙම අත්තනගලු ඔය ගම්පහ නගරය දක්වා ඇදී එන්නේ, අලුතෙන් ඒ පැත්තට බෑවුමක් කපා ඇති හෙයින් නොවේ. සංවර්ධනය සඳහා අනුගමනය කරන ලද අසාර්ථක ප්‍රයත්න හේතුවෙනි. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පරිසර ශක්‍යතා වාර්තා අනුගමනය කිරීම අනිවාර්ය නෛතික අංගයකි. එම වාර්තා නමට පමණක් ඇත්තේය යන්න මේ ආකාරයෙන් ගම්පහ ටවුම දෙවැනි වරට ද යටවීමෙන් සනාථ වන්නේය. පහත් බිම් ගොඩකිරීම, ජල මං අහුරා සිදු කරන සංවර්ධනය ආදිය ඉතා පහසුවෙන් වෙනස් කළ හැකි දෑය. එසේ තිබියදී දෙවැනි වරට ගම්පහ නගරය යට වුවද, අපට කළ හැක්කේ වැසි දිය බැස යන තෙක් ඉවසා සිටීම පමණය.
විසඳුම් ලැබෙන්නේ නැත. මහමැතිවරණය කටේ තියාගෙන මෙවර ගංවතුර පැමිණියේ බැවින් මනාප ඉල්ලා පැමිණෙන බොහෝ දෙනා මේ මාතෘකාව ද සිය කතාව සඳහා පාදක කර ගන්නවා ඇත. එහෙම මාකට් එකක් ඇති දේ අතහැරීමට තරමේ හරක් කොටසක් ඡන්දය ඉල්ලන්නේ නැත. ඒ සියල්ල ඉලෙක්ෂන් සමයේ සෙල්ලම් මිස ඊට එහා යන්නෙම නැත.
පළල් ලෙස ගත් කළ කාලගුණ විපර්යාසය තුළින් පෘථිවියේ විවිධ බරපතළ වෙනස්කම් ඇතිව තිබේ.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා පසුගිය දශක කිහිපයේදී වසරකට සෙල්සියස් අංශක 0.2කින් පමණ ලෝක උණුසුම ඉහළ නඟින්නේය. 2023 දී එක්සත් ජනපදයේ ඩෙත් වැලිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4 දක්වා ඉහළ ගොස් ලෝකයේ උණුසුම්ම ස්ථානය බවට පත්විය.
2022 වසරේ ඉන්දියාව සහ පාකිස්තානය අධික ගංවතුර තත්ත්වයන් සඳහා මුහුණ දුන්නේය. දැරිය හැකි මට්ටමේ ගංවතුර ඇති වෙන ස්ථාන, අධික වර්ෂාපතනය සහ ජලය බැස යෑම කළමනාකරණය නොකර ගැනීම හේතුවෙන් ඔය ආකාරයට ව්‍යාධියක් බවට පත්ව ඇත්තේය.
අනෙක් අතට වියළි කාලගුණයය. ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය වසර කිහිපයකට වරක් මේ නස්පැත්තියෙන් පීඩා විඳින්නේය.
මේ සියල්ල ශේෂ පත්‍රයකට ගත් විට ලෝක දේශගුණ අවුල අපට අත තබා නතර කර ගත නොහැක්කේය. ඒ සඳහා ලෝකයක් එකට එකතුව කැපවීමෙන් මුහුණ දිය යුතුය. එවන් නොකෙරෙන වැඩ ගැන කතා කිරීමෙන් පලක් නැත්තේ හෙයින් අපට කළ හැකි දේ සඳහා පළමුව යොමු විය යුත්තේය. පහත් බිම් ගොඩ කිරීම වසර හතළිහකට වඩා කාලයක් අඛණ්ඩව සිදු කරන ලද්දේ රාජ්‍ය අනුග්‍රහය යටතේය. එහෙම බලවත් හස්තයක් නොමැතිව කුඹුරු ඉඩම් ටික වනසා දැමීම සඳහා කිසිවෙක්ට නොහැක්කේය. ප්‍රධාන කානු සහ බෝක්කු උඩ අනන්තවත් ඉදිකිරීම සිදු කර ඇත්තේය. මේ ගංවතුර ව්‍යාධිය සඳහා පාර කපා ඇත්තේ ඒ ආකාරයේ වැඩ කටයුතුය.
වහාම අදාළ නගරයෙන් නගරයට විශේෂ බලධාරියෙක් පත් කර ගංවතුර පාලනය සඳහා වූ සැලසුමක් සැකසීම පළමු කාර්යය වන්නේය. ඔය වැනි කටයුතු එක් එක් අධිකාරිය සඳහා ලබාදුන් විට ඊළඟ ගංවතුර ද එන තෙක් වැඩේ කෙරෙන්නේ නැත. මේ ආකාරයෙන් තනි පුද්ගල නායකත්වයක් යටතේ රජයෙන් කාණ්ඩායමක් පත් කර වැඩේ සඳහා පිළියම් තෝරා ගත් විට, එයට අණ දීම පහසුය. හේතු ගණනාවක් මේ සඳහා තිබෙනවා විය හැකිය. එසේ වුවත් මාස දෙක තුනක් තුළ දැනෙන පිළියමක් මේ සඳහා යෙදිය හැකිය.
මේ ගංවතුර බැස යා යුත්තේ යළි එවැනි විපතක් නොවන ආස්ථානයක් වෙත බැවින් මෙම තීරුව ඔය යෝජනාව සිදු කරනු කැමතිය.