Home » පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

by chanaka
October 15, 2024 4:17 pm 0 comment

education new

ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම අවතැන් වූවන් සඳහා කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇත.

මේ අතර දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් අද බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ පැහැබර කාලගුණ තත්වයක් පැවතුණ ද, ජලයෙන් යටවූ බොහෝ ප්‍රදේශවල ජලය මේ වනවිට බැස යමින් ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT